මංගල සාදයට ගිය 21ක් ආසාදිතයි
අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවය කට සහභාගී වූ පුද්ගලයන් 21 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.
මංගල උත්සවය පසුගිය දෙසැම්බර් 16 වන දින අලුත්ගම ප්‍රදේශයේ පවත්වා ඇති අතර එම මංගල උත්සවයට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග ඊට සහභාගී වූ පිරිස් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කර තිබුණා.
අනතුරුව මනාලිය ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගැණුනු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී මෙම නව ආසාදිතයින් පිරිස සොයාගෙන තිබෙනවා.
එම ආසාදිතයන් පිරිස පයාගල, පොතුවිල සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහූ මහතා සඳහන් කර තිබේ.
