News

මංතීරු නීතිය කඩකළොත් හෙට සිට දඩ

මංතීරු නීතිය කඩකරන රියදුරන්ගෙන් හෙට (17) දින සිට දඩ මුදලක් අය කරන බව පොලීසිය පවසයි.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ මංතීරු නීතිය කඩකරන රියදුරන්ගෙන් රුපියල් 2000ක දඩයක් අය කරන බවයි.

පසුගිය 14 වැනිදා සිට යළි ක්‍රියාත්මක වූ මංතීරු නීතියේ අද (16) දිනයේ ‌වෙනසක් සිදුකර තිබේ.

ඒ අනුව අද සිට ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වම් පස මංතීරුවේ පමණක් ධාවනය කළ යුතු වේ.

මංතීරු නීතිය ක්‍රියාත්මක වුවද යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නිසි පරිදි මංතීරු නීතිය අනුගමනය නොකිරීම හේතුවෙන් රථ වාහන තදබදයක් හටගන්නා අතර, ඊට පිළියමක් වශයෙන් මෙය ක්‍රියාත්මක වන ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

මංතීරු නීතිය පිළිබද සොයා බැලීම සදහා යුද හමුදා පොලීසිය ද යොදවා තිබේ.

තෝරාගත් ස්ථාන 20ක යුද හමුදා පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇති බව පොලීසිය පැවසීය.

මීට අමතරව මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල තත්ත්වයන් අධ්‍යයනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා සහිත කණ්ඩායම් 04ක් ක්‍රියාත්මක බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.