දිරිය දිනූ කතුන්

මං බිංදුවෙන් පටන් ගත්ත කෙනෙක්! – ලශී හේවගේ

ලශී හේවගේ කියන්නේ තරුණ කාලයේ දී ම සාර්ථක ව්‍යවසායිකාවක් වෙන්න තමන්ගේ උපරිමයෙන් කැපවුණු තරුණ ව්‍යවසායිකාවක්. Facebook එකේ නැත්නම් TikTok එකේ My Kitchen කියන නමින් හොයලා බැලුවොත් ඔබටත් දැනගන්න පුලුවන් වේවි ලශී කොච්චර ජනප්‍රිය කෙනෙක් ද කියලා. කෑම උයනවට අමතරව ලශී ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කෑම හට්ටි පිටින් අරගෙන ලංකාව වටේම යන කෙනෙක් හැටියට. ඉතින් මේ රසවත් කෑම සංචාර වල තියෙන රසවත් කතන්දර ටික ධරණී අපිත් එක්ක බෙදාගන්න අපි ලශීට ආරාධනා කළා. ජීවිතේ වැටුණු, බිඳුණු තැන් පහු කරගෙන ඇය ආපු ගමන ගැන කතාව දැන් ධරණී YouTube නාලිකාවෙන් නරඹන්න ඔබට පුලුවන්.