News

මත්තල ගුවන් තොටුපලට පැමිණි සංචාරකයින් පිරිසේ කොවිඩ් ආසදිතයෝ

 

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ගුවන්යානයේ සිට යුක්‍රේන ජාතිකයන් තිදෙනෙකු ආසාදිත බව’ හඳුනාගෙන ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා.

ඊයේ (29) දිනයේ සංචාරකයන් පිරිස මත්තලින් ගුවන් තොටුපලට පැමිණ තිබෙන අතර එම පිරිස PCR පරික්ෂාවට යොමු කිරීමෙන් පසුව ගුවන් තොටුපොළ බලධාරීන් ඔවුන් පිරිසේ තිදෙනෙක් ආසාදිත බව හඳුනා ගනු ලැබුවා.

ඒ අනුව ආසාදිත’ විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාවලිය අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමුකර තිබේ.