News

මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරියෙකුට කොවිඩ්

කොවිඩ් – 19 රෝගය වැලඳුණු නිලධාරිනියක් හඳුනා ගැනීමත් සමග කොවිඩ් අවදානම් තත්ත්වය පාලනය කිරීම සඳහා මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මුළුමනින් වසා දැමීමට බලධාරීන් ඊයේ (10 වැනිදා) පියවර ගෙන ඇත.

ඒ අනුව පල්ලෙකැලේ පිහිටි එම ප්‍රධාන කාර්යාලය හා මහනුවර දිස්ත්‍රික් කාර්යාලය වසා දමා එහි සේවය කළ සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව අධිකාරියේ සභාපති හසන්ත විජේතිලක පැවැසීය.

තම කාර්යාලයේ පළමු ආසාදිතයා වාර්තා වීමත් සමග සේවකයන් කොටසක් සේවයට කැඳවූවද 9 දිනයේ තවත් නිලධාරිනියකට රෝගය වැලඳී ඇති බව තහවුරුවීම නිසා මෙම තීරණය ගත් බව සභාපතිවරයා පැවැසීය.

පල්ලෙකැලේ පිහිටි ප්‍රවාහන අධිකාරී කාර්යාලය හා මහනුවර දිස්ත්‍රික් කාර්යාලය වසා දැමුණද බස් ධාවන කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවද ඒ සඳහා අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් යොදවා ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

හඳුනා ගත් පළමු ආසාදිතයා හා සම්බන්ධ වූ අධිකාරියේ ඉහළ නිලධාරීන් හත් දෙනකු පමණ මේ වනවිටත් නිවසේ නිරෝධායනයට ලක් කර ඇත.

කමල් සුරවීර – මහනුවර