News

මධ්‍යම පළාතේ කොවිඩ් රෝගීන් 1003 දක්වා ඉහළට

මධ්‍යම පළාතේ කොවිඩ්- 19 ආසාදිතයින් සංඛ්‍යාව 1003 ක් දක්වා ඉහළ යමින් ඇති තත්වයක මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 611 ක් බව බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මිට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 311 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 81 දෙනෙකු ද වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් අද (15) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ මහනුවරින් 25 ක්,නුවරඑළියෙන් 06 ක් සහ මාතලෙන් 07ක් ලෙසිනි.

මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වන කෝවිඩ් ආසාධිත සංඛ්‍යාව 165ක් වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයින් 124 දෙනෙකු වාර්තා වි තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙනි.වන අතර එම සංඛ්‍යාව 16 කි. මධ්‍යම පළාතින් මේ දක්වා ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව දෙකකි.

මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කො‍රෝනා ආසාදිතයින් සඳහා වන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන හයක තුල අද (15) දින වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 740 කක් වන අතර මහනුවර තරු හෝටල් තුනක විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් නිරෝධානය කෙරෙන අතර එලෙස නිරෝධානය වන පුද්ගලයින් 18 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ අනුව ඊයේ(14) හඳුනාගෙන තිබේ.

භාරත මෙන්ඩිස්