නවතම ප්‍රවෘත්ති

මධ්‍යම සංස්කෘතියේ විදේශ ශිෂ්‍යත්ව දේශපාලන හිතවත්කමට කම්කරුවන්ට

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට විදේශ ශිෂ්‍යත්ව ලබා දීමේදී දේශපාලන සුදුසුකම් මත පුද්ගලයින් තොරා ගන්නා බවට තොරතුරු වාර්තා වේ.

විදේශ රටවල පැවත්වන කළමනාකරන පාඨමාලා සදහා අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළවත් සමත් නොවු කම්කරුවන් ඒ සදහා යොමු කර ඇත.

කළමනාකරණ සේවයේ සිටින නිළධාරින් සදහා එම විදේශ ශිෂ්‍යත්ව ලබා දෙන අතර පසුගිය කාලයේ සති දෙකක කාලයක් සදහා තායිලන්තයේ පැවැති පාඨමාලාව සදහා යොමු කර ඇති 13 දෙනෙගෙන් වැඩි පිරිසක් එවැනි සුදුසුකම් නොමැති කම්කරුවන් පිරිසක් බව වාර්තා වේ.

ඒ අනුව ගෙවුණු වර්ෂයේද ඒ ආකාරයට විදේශ පාඨමාලා මුවාවෙන් විශාල පිරිසක් එලෙස විදේශයන් වලට යවා ඇත.