මන්ත්‍රීවරු ගැටී’ 12 ක් රෝහලේ
මහියංගනය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්, තවත් පිරිසක් සහ පොදුජන පෙරමුණ පක්ෂ ආධාර කරුවන් පිරිසක් සමඟ ගැටුමක් ඇති වී තිබේ. ගැටුමෙන් 12දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහියංගණ මුලික රෝහලට ඇතුළු කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.
සිද්ධියට පදක වී ඇත්තේ මහියංගණ ප්‍රාදේශිය සභාවේ 2021 වර්ෂය සදහා දෙවන අය වැය ලේඛනයද පරාජය වීමත් සමඟ සභා භූමියෙන් පිටත දී 08 වනදා එක්සත් ජාතික පක්ෂ නිශ්ශන්ක වර්ණසුරිය මන්ත්‍රීවරයා හා මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම ගජනායක මහතා අතර උණුසුම් කතාබහක් ඇති වී ඇති අතර පොලීසිය මැදිහත්වීමෙන් එය වලක්වා ගෙන ඇති බව පැවසෙනවා.
අනතුරුව මහියංගණ වෙළෙද සංගමයේ සභාපති චන්ද්‍රසෝම මහතා විසින් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වර්ණසුරිය මහතා තමන් හට තර්ජනය කල බවට පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. පැමිණිල්ල විභාගය සඳහා පොලිසියට කැඳවා ඇති අතර එය විභාගයෙන් අනතුරුව සමතයකට පත්ව තිබෙනවා.
පසුව පොලිසියෙන් බැහැරව යන අවස්ථාවේදී ඇතිවූ කතාබහක් දුරදිගයම නිසා පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලදී පහරදීමක් සිදුව ඇති අතර එම පහර දීමෙන් තුවාල ලැබුවන් 12දෙනෙකු ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහලට ඇතුලත්ව ඇත.
