News

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකු නවගමුවේදි අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියකට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු නවගමුව නවකන්ද ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පසුගිය 28 වැනිදා හංවැල්ල ජල්තර මහා විද්‍යාල වොලිබෝල් ක්‍රීඩාපිටියේ තියුනු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යකර සිටි සැකකරුවන් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවයි.

එම අපරාධය සිදුකිරීම සදහා යොදාගන්නා ලද යතුරු පැදිය ද සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16ක් සහ 19ක් වූ රණාල ජල්තර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලබනවා.