සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර යැවූ අයෙක් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකල පුද්ගලයෙකු මහනුවර හන්තාන ප්‍රදේශයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ මහමග කොවිඩ් මරණ සිදුවන බවට හා සෞඛ්‍ය යාන්ත්‍රණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කරනවා.
28හැවිරිදි සැකකරු අද (16) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය දිනකත් මෙවැනිම අත්අඩංගුවට ගැනීමක් වාර්තා වන අතර කඩුගන්නාව ප්‍රදේශයෙන් පොලිස් අත්අඩංගුවට පත් එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබා ඇත.
