News

මහමැතිවරණයක් ඉල්ලා සීනිගම දේවාලයේදී පොල් ගහයි

මහමැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් පැවිදි හඬ සංවිධානය සීනිගම දේවාලයේදී දේවකන්නලව්වක් සහ සත්‍යක්‍රියාවක් සිදුකළ කළහ.

මෙම දේව කන්නලව්ව (05) සීනිගම දේවාල පරිශ්‍රෙය්දී පැවැත්විණි.දේවකන්නලව්ව කිරීමේන් පසුව සීනිගම දේවල භූමියේදී ගැසුහ. මෙම දේව කන්නලව්ව සඳහා සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ දකුණු පළාත් සභා මන්ත්‍රිවරු හා තවත් ගිහිපැවිති පිරිසක් එක්වුහ.

මේ අතර මහමැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලමින් පැවිදි හඬ සංවිධානය සංවිධාන කළ රථ පෙළපාලියද 04 රාත්‍රීයේ හික්කඩුව සීනිගම දේවාලය අසලට පැමීණියහ.

ගාල්ල – සුනෙත් ගාල්ලගේ