මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට විශේෂ ප්රවාහන සේවාවක්
මහරගම අපේක්ෂා රෝහලේ සායන සදහා පැමිණෙන රෝගීන්ට සියලුම පළාත් ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි මෙම විශේෂ බස් රථ සේවාව පසුගිය 8 වැනිදා සිට ආරම්භ කර ඇති බව මගී ප්රවාහන කළමනාකරණ අමාත්යංශය සදහන් කළේය.
අපේක්ෂා රෝහල විසින් ලබාදෙන ඇතැම් ඖෂධ අවම උෂ්ණත්වයක් යටතේ තබාගත යුතු බැවින් මෙම විශේෂ බස් රථ සඳහා ශීතකරණ පහසුකම් ද ස්ථාපිත කර තිබේ.
මෙම විශේෂ බස් රථ සේවා “අපේක්ෂා එක්ස්ප්රස්” ලෙස නම් කර ඇත.
