News

මහර බන්ධනාගාරයේ රැඳවියන් ගැන විමසන්න දුරකථන අංකයක්

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිළිබදව තොරතුරු විමසීම සදහා බන්ධනාගාර දෙපාර්තමෙන්තුව විසින් දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

පසුගියදා දිනවල පැවැති නොසන්සුන්තාවයත් සමග හටගත් සිදුවීම් හේතුවෙන් රැඳවියන් පිළිබඳ ඔවුන්ගේ පවුලේ උදවිය සහ ඥාතීන් බන්ධනාගාර ඉදිරිපිටට පැමිණීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය හදුන්වා දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

ඒ අනුව මහ බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධයෙන් මින් ඉදිරියේදී 0112 678 600 යන දුරකථන අංකයට ඇමතීමෙන් ඔවුන් පිළිබද තොරතුරු දැනගත හැකි බව බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කරයි.