Top Story

මහින්ද පොහොට්ටුවට යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

අද (11) පෙරවරු 11. 00 ට පමණ, විජේරාම නිල නිවසේදී ඔහු මෙම සාමාජිකත්වය ලබා ගෙන ඇති බව වාර්තා විය.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගැනීම ඒ වස්ථාවේදී සිදුවනු ඇති බව වාර්තා විය.

එහිදි මාධ්‍යවේදිනියක් කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට මහමැතිවරණයක් කැඳවීමට අයිතියක් තිබේන බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධි නොවන බවත් ය.

මෙ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අධිකරණයට යෑම පිළිබඳවද කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ තම පාර්ශවයෙන්ද නීති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිඥයන් හමුවීමට බලාපොරෝත්තු වන බවයි.

ජනාධිපතිවරයා ගත් තීරණය ප්‍රජාතන්ත්‍ර වීරෝධි නම් ජනාතාවගෙන් ඒ සම්බන්ධයෙන් වීමසීය හැකි බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මේ අතර අද උදෑසන අග්‍රාමාත්‍යවරයා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.