මහින්ද සමරසිංහ ශ්‍රීලනිපයෙන් දොට්ට
හිටපු ඇමැති මහින්ද සමරසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත.
ඒ අනුව ශ්‍රීලනිප කළුතර දිස්ත්‍රික් නායකත්වයෙන්ද මහින්ද සමරසිංහ ඉවත් කළ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ මහින්ද සමරසිංහ හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ සාමාජිකත්වය නොමැති කෙනෙක් ඉවත් කිරීම විහිළුවක් බවය.
තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස පසුගියදා නාම යෝජනා අත්සන් කළේ ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව බවද හෙතෙම ප්‍රකාශ කළේය.
