News

මහියංගනයේ පුරාවස්තු සොයා කැණීම් කළ 6ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 06දෙනෙකු කැණීම් කිරීම සදහා යොදාගන්නා ලද උපකරණ සමග මහියංගනය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහියංගනය පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ හබරවැව පදියතලාව පාරේදි ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් වයස අවුරුදු 32, 34, 36, 37, 44 සහ 48 යන වයස්වල පසුවන මහියංගනය , ගලෙන්බිදුණුවැව, ඉපලෝගම, ගල්කිරියාගම, ගම්පහ, ඕපාත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මොවුන් අද මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.