නවතම ප්‍රවෘත්ති

මහ ඇමති ඉල්ලුවොත් මම ඉල්ලා අස්වෙනවා – ආනන්දී සශිදරන්

තමා ඇමැතිකමින් ඉල්ලා අස්වන්නේ මහ ඇමතිවරයා තමන්ට ධුරයෙන් ඉවත්වන්නැයි ඉල්ලීමක් කළහොත් පමණක් බව උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු ඇමතිනී ආනන්දී සෂිදරන් මහත්මිය පවසයි.

පළාත් සභාවක පැවතිය යුත්තේ අමාත්‍යධුර 4කි. උතුරු මහ ඇමතිවරයා පසුගිය සමයේ ඇමතිවරුන් දෙදෙනෙක් ඉවත් කර නව ඇමතිවරු දෙදෙනෙක් පත් කළේය. එහිදී ඉවත් කල ඇමතිවරු අභියාචනාධිකරණයට තම ඇමතිධුර ඉවත් කිරීම නීති විරෝධී බවට පෙත්සමක් ඉදිරිපත් කල අතර අභියාචනාධිකරණය එම ඇමතිධුර ඉවත් කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළේය. නමුත් මහ ඇමතිවරයා අලුතින් පත් කල ඇමතිවරුන් දෙදෙනාගේ ධූරය අහෝසි නොකිරීම හේතුවෙන් පළාත් සභාවේ ඇමති ධූර 6ක් ක්‍රියාත්මක වන තත්වයක් පවතී.

සශිදරන් ඇමතිවරියගෙන් මේ පිලිබඳ විමසීමේදී මහ ඇමති ඉල්ලා සිටින්නේනම් තමන් ඉල්ලා අස්වීමට සුදානම් බව ඇය ප්‍රකාශ කළාය.