මහ මැතිවරණයට අදාළ පෙත්සම් විභාගය හෙට දිනයට කල් යයි
මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (20) පෙරවරු 10.00 ට යළි කැඳවීමට නියමිතව තිබේ.
නීතිඥ චරිත ගුණරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබූ අදාළ පෙත්සම් සළකා බැලීම අද (19) දෙවන දිනටත් කැඳවනු ලැබීය.
ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේය.
