News

මහ මැතිවරණයේ මූලික කටයුතු මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශට පවරයි

පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු කිරීමට මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට පවරා තිබේ. මැතිවරණය සංවිධාන කිරීම, මැතිවරණ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සහ අවශ්‍ය මුදල් ලබා දීම වැනි කටයුතු ඊට වේ.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඒ දිස්ති‍්‍රක්කයෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්තී‍්‍රවරුන් ගණන දැක්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇත.

ඒ ඒ දිස්ති‍්‍රක්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ යුතු නාමයෝජනාවල ඇතුළත් කළ යුතු අපේක්ෂක සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ විස්තර ද ඇතුළත් කර ඇති අතර සෑම දිස්ති‍්‍රක්කයකම නාම යෝජනා පත‍්‍රවලට එම දිස්ති‍්‍රක්කයෙන් තෝරා ගැනෙන මන්තී‍්‍රවරුන් ගණනට වඩා තුන්දෙනෙකු වැඩියෙන් අපේක්ෂකයන් ඇතුළත් කළ යුතුය.

ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කළ යුත්තේ එක් අපේක්ෂකයෙකුට රුපියල් දෙදහසක් බැගින් වන පරිදිය. ඇප මුදල් භාර ගැනීම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී සිදු කෙරේ.