නවතම ප්‍රවෘත්ති

මාතර වැලිගම හෝටලයක වෙඩි තැබීමක්

සැකපිට 6ක් අල්ලයි

මාතර, වැලිගම, මිදිගම, ගුරුබැබිල ප්‍රදේශයේ හෝටලයක අද දින (20) අලුයම සිදු වු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත. සැකකරුවන් මත්පැන් පානය කරමින් සිටින අතරතුර අහස දෙසට එම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිසිය පවසයි. එම ස්ථානයේ වැටී තිබූ ජීව උණ්ඩ හයක් හා හිස් පතොරම් කොපු තුනක් පොලීසිය සොයා ගෙන ඇති අතර වෙඩි තැබීමට උපයෝගී කර ගත් ගිනි අවිය මෙතෙක් හමු වී නොමැත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඩුබායි සිට පැමිණි දෙදෙනෙකු ද සිටින බව කියයි. වැඩිදුර සඳහා පොලිස් නිල සුනඛයන් ද කැඳවා තිබේ.