News

මාතලේ ප්‍රදේශයකට සංචරණ සීමා

 

කොවිඩ් ආසාදිතයන් 06ක් එකවර හමුවීමත් සමග මාතලේ මහ නගරසභාවේ සෞඛ්‍ය කම්කරුවන් වැඩි වශයෙන් ජීවත්වන මාතලේ හිග්ගොල්ල මාවත ප්‍රදේශ‍යට සංචරණ සිමා දමා ඇත.

මාතලේ මහ නගර සභාවේ වැඩබලන නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා සඳහන් කරන්නේ අද (23) උදෑසන මෙලස සංචරණ සිමා පැනවීමට තීරණය කළ බවයි.

එසේම මේ වනවිට මාතලේ මහ නගර සීමාවේ ආසාදිතයන් 19 දෙනෙකු හඳුනා ගෙන ඇත.