මාධ්‍යවේදියෙකු ඇදගෙන ගොස් රංගජීව තවත් නඩුවන් දා ගනී
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මහාධිකරණ භූමියේදී ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරිම හෙලා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යු ආර් ද සිල්වා මහතා පවසයි.
අරුණ සමග අදහස් දක්වමින් යු ආර් ද සිල්වා මහතා සඳහන් කළේ මෙලෙස අධිකරණ භූමිය තුල නියෝමාල් රංගජීව මහතා සිදුකල ක්‍රියාවෙන් යම් තර්ජනාත්මක බවක් දක්නට ලැඛෙන බවයි.
ඔහු ඒ මෙහොතේ පොලිස් රාජකාරි කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණ නොමැති බවත් ඔහු නඩුවක විත්තිකරුවෙකු ලෙස අධිකරණයට පැමිණ ඇති බවත් එවන් අවස්ථාවක කිසිලෙසක මාධ්‍යවේදියෙකු බලපෑම් කිරිමට නොහැකි බව යු ආර් ද සිල්වා මහතා පැවසීය.
අධිකරණයෙන් පිටත මාධ්‍ය අවරණ කටයුතු සිදු කිරිමට වෘත්තිය මාධ්‍යවේදින්ට අවසර හිමිවන බවත් ඊට නීතිමය බාධාවක් නොමැති බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති යු ආර් ද සිල්වා මහතා අවධාරණය කළා.
