News

මාධ්‍යවේදියාගේ පවුලටම කොරෝනා

විද්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ඇතුළු පවුලේ හයදෙනකු කොවිඩ් වයිරසය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ත්‍රිකුණාමලයේ පදිංචි පුද්ගලික බැංකුවක සේවයේ නියුතු ඔහු​ගේ දියණියත් කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇත. ඇයගේ නිවසට ආගිය ආශ්‍රිතයන් පිළිබඳව පරීක්ෂා කිරීමේදී මෙම මාධ්‍යවේදියා ඇතුළු පිරිස ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

ආසාදිතයන් අතර ඔහුගේ බිරිඳ, නැන්දණිය, ඥාති දියණියක් සහ බෑනාද වෙති.