News

මාමණ්ඩියගේ මළගමට ආ ලේලි හදිසියේ ඇදවැටී මියයයි

හදිසියේ මියගිය මාමණ්ඩියගේ මළ ගෙදරට පැමිණි ලේලියද ඊයේ (27 වැනිදා) මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාරියකි.

තම සැමියාගේ අසූ හැවිරිදි පියා හදිසියේ මියගිය බව සැලවීමෙන් අනතුරුව සැමියා සමග මහරගම පිහිටි නිවසට පැමිණි ලේලිය හදිසියේ අසනීප වී ඇදවැටී ඇත.

ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගිය පියාගේ මරණය සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමෙන් තහවුරු වී ඇත්තේ කොරෝනා වයිරසය ආසාධනය වී නොමැති බවයි.

මෙම කාන්තාව හදිසියේ මියයෑම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව මහරගම පොලිසිය පවසයි.

හේමන්ත ලියනපතිරණ