News

මාරක රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට

වාරියපොළ දෙස සිට කළුගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදු වූ අනතුරින් එම යතුරුපැදිකරු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 27ක් වූ වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

මේ අතර ඉංගිරිය දෙස සිට පාදුක්ක දෙසට ධාවනය කෙරු යතුරුපැදියක් හඳපානාගොඩ හන්දිය අසල නැවත තිබු ලොරි රථයක ගැටීමෙන් බරපත ලෙස තුවාල ලැබූ එම යතුරුපැදිකරු හොරණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. මරණකරු වයස අවුරුදු 42ක් වූ වදාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම කොළඹ කුරුණෑගල මාර්ගයේ කුඩාගම්මන පන්සල අසලදී මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ලොරි රථයක ගැටී බරපතල ලෙස තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වූ කොටදෙනියාවේ පදිංචිකරුවෙකි.