මාර්ගෝපදේශ අත්හදාබලන්න ආදර්ශ ඡන්ද පොළක්
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා සෙෳඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව ආදර්ශ ඡන්ද පොළක් ඉදිරි දිනකදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
ඡන්දදායකයින් 200 ක් පමණ යොදාගෙන මෙම ආදර්ශ ඡන්ද පොළ පවත්වන බවද ඔහු කීවේය.
මෙම ආදර්ශ ඡන්ද පොළ හෙට (05 වැනිදා) හෝ ඊට පසු දින පවත්වන බවද සභාපතිවරයා කීවේය.
ඡන්ද මධ්‍යස්ථාන වලට අත් සේදීමේ පහසුකම් ආදියද සපයන බැවින්, ආදර්ශ ඡන්ද මධ්‍යස්ථානයටද එම සෙෳඛ්‍ය ක්‍රම යොදන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
සාලිය කුමාර ගුණසේකර
