News

මාලදිවයිනයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (2) දින පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානය මාලදිවයිනේ මාලේ නුවර සිට අද දින පස්වරු 1.45 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

පැමිණ ඇති පිරිස මාලදිවයින තුළ සංචාරක හෝටල් වල සේවය කළ පිරිසක් බවට තොරතුරු වාර්තා වේ .

මත්තල ගුවන් තොටුපළ තුළදී මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කළ අතර , ඒවායේ ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා දී ඇත.