මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට
මාලදිවයින තුළ රැදී සිටි ශ්රී ලාංකිකයන් 179 දෙනෙකු අද(13) දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් දහවල් 1.30 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්රයේ රැකියා වල නිරත වී සිටි අය වන අතර මොවුන් ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කර තිබේ .
