මාලිගාවත්තේ අරාබි පාසලක් නීති විරෝධීව පවත්වලා
නිරෝධායන නීති උල්ලංඝනය කළ මාලිගාවත්තේ අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.
පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් 28 ක් හා ගුරුවරු දෙදෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.
කොරෝනා වසංගතය හමුවේ ජනතා ඒකරාශී වීම තහනම් කර තිබියදී මෙම පිරිස අදාල පාසල තුල ඉගැන්වීම් කටයුතු සිදුකරගෙන ගොස් තිබේ.
