මාලිගාවත්තේදි ආධාර බෙදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට
මාලිගාවත්ත, ජුම්මා මස්ජිඩ් මාවත ප්‍රදේශයේ පෞද්ගලික ආධාර බෙදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තුන්දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සදහන් කළේ මෙහිදී තවත් සිව්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අද දහවල් මෙම ආධාර බෙදාදීම ආරම්භ කර ඇති අතර විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඇතැයි පොලීසිය පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
