මාළු මුදලාලිගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට කොවිඩ්
වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් කළුගමුව ජයවඩනගම උදාගම් නිවාස සංකීර්ණයේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
මාළු ව්‍යාපාරිකයෙකුගේ බිරිඳට, දියණියට සහ පුතුට මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මාළු ව්‍යාපාරිකයෙකු වන පියා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු රැගෙනවිත් අලෙවි කරන්නෙකු වේ.
එම නිසා ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර දින 14 කට පසුව පීසීආර් පරීක්ෂණයට යොමු කළද ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී තිබේ.
ඔහු සමඟම පීසීආර් පරීක්ෂණයට යොමු කළ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාට පමණක් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර දියණිය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් නාරම්මල මයුරපාද ජාතික පාසලේදී පෙනී සිට ඇත.
