මැකෝගේ සැනිටයිසර් ප්‍රීතිය
තවත් දින 6කින් පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී දිවයින පුරා ඇති සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රයෝජනය සදහා විෂබීජහරණ දියර සහ සැනිටයසර් තොගයක් ලබා දී තිබේ.
අද (30) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදි මෙම වැඩසටහන සිදුකෙරිණි.
එහිදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත එම විෂබීජහරණ දියර භාරදුන්නේය.
එම අවස්ථාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.ඩී.පී. ධර්මවර්ධන මහතා ඇතුළු වෘත්තීය සමිති නිලධාරීන් ද සහභාගි වූහ.
සිරිසේන ගමගේ – කොළොන්නාව
