News

මැගසින් බන්ධනාගාරය අසලින් සැකකටයුතු පාර්සලයක්

මැගසින් බන්ධනාගාරයේ තාප්පය අසල මාර්ගයේ තිබී සැකකටයුතු පාර්සලක් සොයාගෙන තිඛේ.

අදාල පාර්සලය බෝම්බයක් බවට සැක පහළ වී ඇති බැවින් බන්ධනාගාර නිලධාරින් විසින් මේ පිළිබද බෝම්බ නිර්ක්‍රීය අංශයට දැනුම් දී ඇත.

අනතුරු බෝම්බ නිර්ක්‍රීය අංශය විසින් එය පරීක්ෂා කිරිමේදි එහි ඇත්තේ මත්ද්‍රව්‍ය බවට හෙළිව තිඛේ.

අදාල පාර්සලයේ තීබි හෙරොයින් සහ අයිස් ග්‍රෑම් 4 කට ආසන්න ප්‍රමාණයක් / ජංගම දුරකතනයක් / චාජරයක් සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ටී අයි උඩුවර (කොමසාරිස් බුද්ධි) මහතා අරුණට පැවසීය.

ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් අදාල පාර්සලය බන්ධනාගාරය තුලට විසි කිරිමට ගත් උත්සහයක් වනු ඇති බවටයි බන්ධනාගාර නිලධාරින් සැකපල කරන්නේ.