මැණික් කොටුවෙන් කොවිඩ් පොකුරක අවදානමක්
රත්නපුර මැණික් කොටුවේ මැණික් ව්‍යාපාරිකයන්ගේ හැසිරීම අනුව මැණික් පොකුරක් බිහි වනු ඇතැයි බියක් තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම පවසයි.
මැණික් ව්‍යාපාරිකයින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පැමිණි විටදී ඔවුන් දැඩි විරෝධයක් දක්වා තිබුණි.
ඒ අනුව වැඩිදුරටත් ඇය පවසා සිටියේ පී.සී.ආර්. පරීක්ෂණවලට ඔවුන් ඉදිරිපත් නොවීමෙන් දැඩි අවදානමක් මතු වී තිබෙන බවත් පැහැදිලිව පොලිසිය සැලසුම් සහගතව කටයුතු කරනවා නම් එය වළක්වා ගත හැකි බවත්ය.
හේමන්ත ලියනපතිරණ
