News

මැතිවරණයක් අවශ්‍ය නම් පළමුව නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවන්න

මැතිවරණයක් අවශ්‍ය නම් පළමුව නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අරලිය ගහ මන්දිරයේ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ.

පාර්ලිමේන්තුව තුනෙන් දෙකක් අනුමත කිරීමෙන් අනතුරුව අවුරුදු හතරහමාරකට පෙර ඡන්දයකට යා හැකි බවයි රනිල් වික්‍රමසිංහ එහිදී කියා සිටියේ.

වර්තමානයේ පවතින ගැටලුව ඉක්මනින් අවසන් කළ යුතු බවත් ඒ සදහා ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතු බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායකවරයා පැවසුවේ.