මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි
මහ මැතිවරණය පැවැත්වෙත දිනය සහ මැතිවරණය සම්බන්ධව තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට රැස්ව තිබේ.
මීට සුළු වේලාවකට පෙර රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ මේ වන විට එහි සාමාජිකයින් රැස්ව තිබේ.
එහිදී කොමිසමේ සාමාජිකයින්ගේ රැස්වීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
