News

මැතිවරණ පැමිණිලි 67ක් කැෆේ සංවිධානයට

මහ මැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද (05) උදෑසන 7 සිට මේ දක්වා සිදුවීම 67ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කරයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, සයින්දමරුදු කල්මුණේ ප්‍රදේශවලින් ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණ ඡන්දය ප්‍රකාශ වීම මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා කැෆේ සංවිධානය නිරීක්ෂකයින් 2200ක් යොදවා ඇත.