News

මැදපෙරදිග ගිය ශ්‍රී ලාංකිකයින් පිරිසක් යලි දිවයිනට

මැදපෙරදිග සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 405 දෙනෙකු මෙලෙස පැමිණ ඇත. ඔවුන් අද දින (13) අලුයම දිවයිනට පැමිණ ඇත.

පැමිණ ඇති පිරිස, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 341ක් සහ කටාර්හි සිට ශ්‍රි ලාංකිකයින් 64ක් එලෙස දිවයිනට පැමිණ තිබේ.

පැමිණි සියලුදෙනා ගුවන්තොටුපොළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කර නීරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.