News

මිලියන දෙකක් වටිනා හෙරොයින් අත්අඩංගුවට

බත්තරමුල්ල තලන්ගමට හෙරොයින් සැපයු සැකකාරියක් සහ සැකකරුවන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 20කට අසන්න වටිනාකමකින් යුක්ත හෙරොයින් ග්‍රෑම් 170ක් සමග තලංගම පොලිසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව චෝදනා රැසක් ලබාඇති මොවුන් මෙහෙයවා ඇත්තේ ඩුබායි රජයේ සිටින සාගර අක්කා නමැති අයවලුන් හා බන්ධනාගාර ගතව සිටින චාමර නමැත්තකු විසින් බවට කරුණු අනාවරනය වී ඇත.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක්, දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර විසින් වැටලීම සිදුකොට තිබේ.

සැකකාරිය සතුව තිබී ජාවාරම් මුදල් බවට සැකකෙරෙන මුදල් රුපියල් 30,000ක්ද සොයාගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණුම් හා වත්කම් පරීක්ෂා කිරීමට ඉදිරි නීතිමය කටයුතු සිදුකරයි .

(හේමන්ත ලියනපතිරණ)