News

මිලියන 2.7ක් වැය කොට සිදුකළ ICTA සැලැස්ම ඉවත දමලා

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ICTA ආයතනයේ 2017ආයතනික සැලැස්ම ලක්ෂ 27ක් වැයකොට අනුමැතිය සඳහා ඉදිරිපත් නොකොට ඉවතදමා ඇති බව හෙළිවී තිබේ.

මේ බව අද (08) පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී අනාවරණය කරගෙන ඇත.

රාජ්‍ය සේවය ඩිජිටල් කරණයට අදාලව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ඉටුකර ඇති කාර්ය සම්බන්ධයෙන් විශේෂ විගණකාධිපති වර්තාවේදී එම කරුණු සොයාගෙන ඇත.

මේ අනුව කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ICTA ආයතනයට නියෝග කර සිටියේ 2003 සිට 2019 දක්වා පරීක්ෂණයක් පවත්වා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසටයි.