මීගමුවේ සැප සිරකුටිය ගැන සොයන්න වැලිකඩින් ලොක්කෙක් යවයි
මීගමුව බන්ධනාගාරයේ එල් වාට්ටුවෙන් ශීතකරණයක්, මයික්‍රෝවේව් උදුනක් ඇතුළු ගෘහඋපකරණ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයකු පත් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් පැවැසීය.
පරීක්ෂණ වාර්තා සතියක් ඇතුළත ලබාදෙන ලෙස ද අධිකාරීවරයාට නියෝග කර ඇත. බන්ධනාගාරයේ පෙරේදා (12 වැනිදා) පැවැති සාකච්ඡාවකින් පසු මේ පිළිබඳ පරීක්ෂා කිරීමේ තීරණය ගෙන තිබේ. පරීක්ෂණය සඳහා නම් කළ අධිකාරීවරුන් තිදෙනෙක්ම ඒ සඳහා අකැමැත්ත පළකර ඇති බවද පැවැසේ. මෙම භාණ්ඩ හමුවූයේ ලලිත් පින්තෝ හා කුලසිංහ නමැති රැඳවියන්ගේ සිරකුටිවලිනි.
හේමන්ත ලියනපතිරණ
