News

මුඛ ආවරණ නොපලඳින අයගේ නම පොලිස් පොතට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිරෝධායන රෝග වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වේ.

ඒ බව සඳහන් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය 25 දින සියලුම පොලිස් ස්ථානවලට ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීමකින් තොරව ගැවසෙන තැනැත්තන්ට අවවාද කිරීම’ යන ශීර්ෂය යටතේ නියෝගයක් නිකුත් කර ඇත. පසුගිය දිනවල ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම සිදු නොකරන බවට සිදුකළ නිරීක්ෂණය නිසා මෙම නියෝගය නිකුත් කර තිබේ.

එසේ මුඛ ආවරණ පැලඳීමකින් තොරව ප්‍රසිද්ධ ස්ථානයන්හි සැරිසරණ අයට මුල් අවස්ථාවේදී අවවාද කරතම ලිපිනයගැවසුණ ස්ථානයවේලාව ආදී සටහන් කර පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සඳහන් කළ යුතුයි. එසේ මුඛ ආවරණ නොපලඳින අය සම්බන්ධයෙන් රැස්කළ තොරතුරුවල සංඛ්‍යාත්මක වාර්තාවක් දිනපතා පෙ.ව. 9.00 පොලිස්පතිවරයාටද යොමු කිරීමට නියමිතය.

චමින්ද සේනාරත්න