News

මුඛ ආවරණ නොමැතිව කටයුතු කළ 18කට දඩ

බණ්ඩාරවෙල එලවළු තොග වෙළඳ පොළේ මුව ආවරණ නොමැතිව කටයුතු කළ පිරිසකර අධිකරණය විසින් දඩ නියම කර තිබේ.

අද (01) බණ්ඩාරවෙල මහේස්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් 18දෙනෙකුට මෙලස දඩ නියම කර තිබෙන අතර එක් අයෙකුට රුපියල් 5000බැගින් දඩ නියෝග නිකුත්කර තිබේ.

එසේම මෙලස මුව ආවරණ නොමැතිව කටයුතු කළ 27දෙනෙකුට’ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුන අතර ඉන් 18 දෙනෙකු වරද පිළිගත් බැවින් 5000 බැගින් දඩ නියම කර ඇති අතර සෙසු 8දෙනාට විවෘත වරෙන්තු නිකුත් කර ඇත.