News

මුගලන් ඇතා ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

උඩවලව ජාතික වනෝද්‍යානයේදී මුගලන් නම් ඇතා ඝාතනය කළේ යැයි සැකකරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්, වනජීවි නිලධාරීන්, හම්බෙගමුව සහ සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීහු එක්ව සිදුකළ වැටලීමකදී අදාල සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙවනගල උක් වගාවේ මුරකරුවකු ලෙස සේවය කරන සෙවනගල එකමුතුගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු වන අතර මිය ගිය දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු උඩවලව ඇත් අතුරු සෙවනේ පශූ වෛද්‍ය මාලක අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.