News

මූල්‍ය ආයතන වට්ටන්න බොරු කියන අයට නඩු දමනවා-මහ බැංකු අධිපති

බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන කඩාකප්පල් කිරීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු පැතුරුවාලන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ප්‍රකාශ කරයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට ගත හැකි සියලු පියවර මහ බැංකුව විසින් ගන්නා බවය.

ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගත් නියාමන ක්‍රියාමාර්ග මගින් සමහර බැංකු නොවන මූල්‍ය ආයතන අංශයන් අසාර්ථක වී ඇති බව අදහස් නොවන බවද මහාචාර්යවරයා පවසා සිටී.

නයන තරංග ගමගේ