මෘත ශරීර දෙකකට පීසීආර් පරීක්ෂණ
කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන් දෙදෙනකු දඹුල්ල මූලික රෝහලේදී මියගොස් ඇතැයි එහි වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක පවසයි.
මියගොස් ඇති දෙදෙනාම වයෝවෘද්ධ කාන්තාවන් බව හෙතෙම සඳහන් කරයි.
මෘත ශරීර දෙකෙහිම පීසීආර් පරීක්ෂණ පවත්වා ඇති බවත් එහි වාර්තා ලැබීමෙන් පසුව අනෙකුත් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කියයි.
එසේම මේ වන විට දඹුල්ල රෝහලේ කොරෝනා බවට සැකසහිත රෝගීන් කීපදෙනෙකුම අලුතින් ඉදිකළ වාට්ටුව තුළ ප්‍රතිකාර ලබන බවත්, ඔවුන් පරීක්ෂණ සඳහා යොමුකරන බවත් හෙතෙම සඳහන් කරයි.
ලක්ෂික සංදීප ආරියදාස – දඹුල්ල
