News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 925ක් දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 ආසාදිතයින්  9 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 925 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී සිට සුවය ලැබු 63 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 471 ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ මේ වන විට 445දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.