News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1148 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1148 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කුවෙට්හි සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් නව ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.