මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 දක්වා ඉහළට
මෙරට කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1530 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඊයේ (28) දිනය තුළදී පමණක් මෙරටින් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 61ක්.
ඉන් ආසාදිතයින් 35දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල රැදී සිටින පුද්ගලයින් වේ.
අනෙකුත් ආසාදිතයින් 26දෙනා නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
මේ වන විට ආසාදිතයින් 775දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 745දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
