මෙරට කොරෝනා රෝගීන් ගණන 1048 ක් දක්වා ඉහළට
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අවසන් වරට වාර්තා වු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වෙයි.
මේ අතර, ඊයේ දිනයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින ඩුබායිවල සිටි පැමිණි පිරිසකි.
කෙසේ වෙතත් ඊයේ දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 ක්.
